න්‍යෂ්ටික යුද්ධයකදී මිනිසාගේ ශරීරයට ඇති වන අහිතකර බලපෑම්වලට එරෙහිව යම් හිතකර ප්රතිලාභයක් ලබා ගැනීමට තේවලින් හැකියාව ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
ශ්රී ලංකාව තේ නිෂ්පාදනය කරන ප්රධානතම රටකි. අපේ රටේ තේවල කාබනික සංයෝග බහුල වශයෙන් ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් ප්රකාශ කරන බයෝ ෆුඩ් අධිපති ආචාර්ය සරත් රණවීර මහතා මේ බව තහවුරු කර ඇත. මීට අමතරව තේ පර්යේෂණ ආයතනයත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කර ඇත.
අපේ රටේ තේ වෙනම මාදිලියකින් යුදමය අවස්ථාවකදී මාර්කට් කළ හැකි බවත්, එසේම පෝෂණවේදීන්ගේ සංගමයත් සම්බන්ධ කරගෙන න්යෂ්ටික යුද්ධයකදි අපේ රටේ තේ බෙහෙතක් වශයෙන් භාවිතා කළ හැකි බවත් විවොන්ටා ග්රීන් ටෙක් කන්සල්ටන්ට් පුද්ගලික සමාගමේ පුරෝගාමී සාමාජික ධම්මික කොබ්බෑකඩුව මහතා රතුඉරට කියා සිටියේ ය.
නන්දකුමාර හින්නිආරච්චි







