අපනයන ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් වූ යෝජනා සඳහා අදහස් විමසීම මූලික කොටගෙන වැවිලි ක්ෂේත්රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ඊයේ ( 26 ) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දීර්ඝ සාකච්ඡා වටයකින් පසුව, ව්‍යාපාරිකයිනට සහ කර්මාන්තකරුවන්ට තම ව්‍යාපාර, බාධාවකින් තොරව සහ නිදහසේ කරගෙන යාමට අවැසි පහසුකම් සැපයීම රජයේ වගකීම බවත් වත්මන් රජය එම වගකීම හරිහැටි ඉටු කරන බවත්, දිගින් දිගටම නොකඩවා එම පහසුකම් සලසා දීමට නම් එකී සහනවලට සරලන ආකාරයට සියලුම ව්‍යාපාරකයින් තම බදු ගෙවීම් කළ යුතු බවත් අවසානයේ පැවසුවේය.
‘පහසුකම් දෙන්නම් සාධාරණව බදු ගෙවන්න’
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
සිනා මුසු මුහුණින් ඔවුනට පවසා තිබිණ.
සංජනා මන්දාරි








