වයස අවුරුදු 20-24 අතර තරුණ ප්‍රජාව අතර HIV ආසාදන සංඛ්‍යාවේ වැඩිවීමක් – රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 20 ත් 24 ත් අතර තරුණ තරුණියන් අතර HIV ආසාදන සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වී ඇති බවට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන අනතුරු අඟවයි.

නොවැම්බර් 25 වන දිනට යෙදී තිබූ ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනේ උපදේශක ප්‍රජා වෛද්‍ය වෛද්‍ය මාධවි ගුණරත්න මහත්මිය මේ බව හෙළි කළාය.

2026 වසරේ මුල් කාර්තු තුන තුළ වයස අවුරුදු 15 ත් 24 ත් අතර පුද්ගලයින් අතර නව HIV ආසාදන 88ක් වාර්තා වී ඇති බව ද ඔවුන් අතර රෝගීන් 78 දෙනෙකු වයස අවුරුදු 20-24 වියේ පසුවන පුද්ගලයින් බව ද ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් පාලන වැඩසටහන වැඩි දුරටත් හෙළි කළේය.

“1987 දී රට තුළ පළමු HIV රෝගියා වාර්තා වූ දා සිට, 2026 තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් 8,111 ක් හඳුනාගෙන ඇති බව” ඇය තවදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website