විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී සම්මතයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 02 වැනි දිනය වන අද (නොවැ. 23) දින විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.

එයට අමතරව, විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පස්වරු 6.00 සිට 6.30 දක්වා පැවත්වූ අතර, එම පනත් කෙටුම්පතද ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website