රුසියාවේ, පිරිපහදු මධ්‍යස්ථාන සහ අපනයන යටිතල පහසුකම් වෙත යුක්රේන ප්‍රහාර උත්සන්න වීමත් සමඟ බොරතෙල් නිෂ්පාදනය නැවතත් පහත වැටිය හැකි බව විශ්ලේෂකයින් සහ වෙළඳුන් පවසති. යුක්රේන ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් ඔක්තෝබර් අග සිට රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථානවල ඒකාබද්ධ බොරතෙල් සැකසුම් පරිමාව සියයට 45කින් අඩු වී ඇති බව රොයිටර් පුවත් සේවය පසුගිය දා වාර්තා කළේය.
මේ සතියේ තුන්වන වරටත් රුසියාව සහ ක්රිමියාව සම්බන්ධ කරන පාලමට යුක්රේනය පහර දීමෙන් පසු මොස්කව් දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ අතර බලශක්ති අංශ සහ නැව්ගත කිරීම සඳහා වන තහනම පිළිබඳ ඕනෑම අදහසක් අතහැර දමන බව පැවසීය.
මූලාශ්‍රය: රොයිටර්














