මැතිවරණ පරාජයට ඉරාන යුද්ධය හේතු වුණත් යුද්ධය නතර නොකරන බවට ට්‍රම්ප්ගෙන් සහතිකයක්

පසුගිය දා අවසන් වූ එක්සත් ජනපද මධ්‍ය කාලීන මැතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයට කොන්ග්‍රහයේ සහ සෙනෙට් සභාවේ බහුතර බලය අහිමි වීමට ඉරාන යුද්ධය හේතු වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

මැතිවරණ පරාජය පිළිගනිමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනපතිවරයා ඉරාන යුද්ධය තව දුරටත් පවත්වා ගෙන යන බවට සහතික වුණේය.

“අපි එය කළ යුතුයි, අපි එය දිගටම කරගෙන යනවා,” ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

ඉරාන යුද්ධය පෙට්‍රල් මිල ඉහළ යාමට වගකිව යුතු වූ අතර එය මධ්‍ය කාලීන මැතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂය විශාල ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රබල සාධකයක් වූ බව සැලකේ.

ඉරානයට”න්‍යෂ්ටික අවියක් තිබීම” නැවැත්වීමට යුද්ධය අවශ්‍ය බව ට්‍රම්ප් පැවසී

ඊයේ (04) උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ සමාජ මාධ්‍ය සටහන ගැන තමා ද එකඟ බව ඔහු පැවසීය. එහිදී වැන්ස් බරපතල මැතිවරණ පරාජයන් ගැන සඳහන් කරමින් “අප පරාජයට හේතුව ඉරාන යුද්ධයයි” යනුවෙන් පැවසීය.

“ඒ යුද්ධය සම්බන්ධයෙන් ගත් කල, මම වෙනස් දෙයක් නොකර සිටි බව මට ඔබට පැවසිය හැකියි,” ට්‍රම්ප් පැවසීය.

ට්‍රම්ප් නැවතත් පැවසුවේ තමා ඡන්ද පත්‍රිකාවේ සිටියා නම් මැතිවරණය ජයග්‍රහණය කරන බව තමාට සහතික බවයි.

ඇමෙරිකානු ජනතාව තමාට අසීමිතව ආදරය කරන බව කී ට්‍රම්ප් එම ආදරය මධ්‍ය කාලීන මැතිවරණයට ඉදිරිපත් වූ රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙත මාරු කිරීමට නොහැකි වූ බව ද ට්‍රම්ප් පැවසුවේය.

‘අපිට ඒක කර ගන්න නොහැකි වුණා. එසේ කළ හැකිව තිබුණා නම් මේ ප්‍රතිඵල සම්පූර්ණයෙන් වෙනස් වෙනවා” ට්‍රම්ප් සහතික වෙමින් පැවසුවේය.

මූලාශ්‍රය: රොයිටර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website