එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධයේ විභවය උත්සන්න වීමට වෙළඳුන් සූදානම් වීමත් සමඟ සහ සැපයුම් අවදානම් ඉස්මතු කරමින් හෝමූස් සමුද්ර සන්ධියේ දී ඉන්ධන ප්රවාහන නෞකාවකට එල්ල වූ ප්රහාරයත් සමඟ භයේ (30) තෙල් මිල සියයට 2කට වඩා ඉහළ ගොස් අප්රේල් අග සිට ඉහළම මට්ටම්වල ස්ථාවර විය.
සිකුරාදා බ්රෙන්ට් බොරතෙල් අනාගත ගනුදෙනු මිල ඩොලර් 118ක ඉහළම අගයට ළඟා වීමෙන් පසු බැරලයක මිල ඩොලර් 2.76කින් හෙවත් සියයට 2.4 කින් ඉහළ ගොස් ඩොලර් 117.64 කින් ස්ථාවර විය. ජනවාරි මාසයේ වඩාත් ක්රියාකාරී කොන්ත්රාත්තුව ඩොලර් 2.63කින් ඉහළ ගොස් ඩොලර් 113.43 ක් විය.
එක්සත් ජනපද බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් අනාගත ගනුදෙනු ඩොලර් 2.12ක් හෙවත් සියයට 2.08 කින් ඉහළ ගොස් ඩොලර් 104.12ක් විය.
මෙම මාසය තුළ බ්රෙන්ට් මිල සියයට 13.6කින් ඉහළ ගිය අතර WTI සියයට 15.2කින් ඉහළ ගියේය.
“මැදපෙරදිගින් පිටතට තෙල් ගලායාම සහ එක්සත් ජනපදය සහ මිත්ර හමුදා විසින් ඉරානයට යළි ප්රහාර එල්ල කිරීම කෙරෙහි වෙළඳුන් අවධානය යොමු කරනු ඇත,” BOK Financial හි වෙළඳාම පිළිබඳ ජ්යෙෂ්ඨ උප සභාපති ඩෙනිස් කිස්ලර් පැවසීය.
සිකුරාදා, හෝමූස් සමුද්ර සන්ධියේ තෙල් නැවක් පූපුරණ ද්රව්ය සවිකළ කුඩා බෝට්ටුවක ගැටුණු බව බ්රිතාන්ය සමුද්ර ආරක්ෂක සේවය වන UKMTO පැවසීය. ප්රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පැහැදිලි නොවීය.
පෙබරවාරි මාසයේ දී ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්රායල යුද්ධය ආරම්භ වූ දා සිට මෙවැනි පළමු සාර්ථක ප්රහාරය මෙය බව සමුද්රීය ආරංචි මාර්ග පවසයි.
ඊශ්රායලයේ මෑත කාලීන මැතිවරණ සහ නොවැම්බර් 3 වන දින පැවැත්වෙන ඇමරිකානු මධ්යකාලීන මැතිවරණය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ තෙල් මිල තවත් අස්ථාවර විය හැකි බව බ්රහස්පතින්දා සැක්සෝ බැංකුවේ මාධ්ය හමුවකට අනුව වාර්තා විය.
යුද්ධයට පෙර ඩොලර් 60 සිට 70 දක්වා වූ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 සිට 90 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඩෙන්මාර්ක බැංකුව පැවසීය.
රොයිටර්ඇසුරිණි














