වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව වැව් ආශ්රිත ජල පෝෂක ප්රදේශ ප්රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සාර්ථකව ක්රියාත්මකයි

වැව් පද්ධතිවල දිගුකාලීන පැවැත්ම සඳහා ජලය රැස්වන ප්රදේශ ආරක්ෂා කිරීම සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම අතිශයින් වැදගත් වේ. හායනයට ලක්වූ ජල පෝෂක ප්රදේශවල ගස් සිටුවීම සහ ඒවා නඩත්තු කිරීම තුළින් පස සංරක්ෂණය, ජල සම්පත් ආරක්ෂා කිරීම සහ කෘෂිකාර්මික ප්රජාවන්ගේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්යාපෘතිය (SARP), වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් යටතේ මෙලෙස තෝරාගත් වැව් ආශ්රිත ජල පෝෂක ප්රදේශ ප්රතිස්ථාපනය කිරීමේ වැඩසටහන ක්රියාවට නංවා තිබේ.
වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්රික්කවල හඳුනාගත් වැව් ජල පෝෂක ප්රදේශ 46කට අයත් හෙක්ටයාර 562.91ක හායනයට ලක්වූ භුමි ප්රදේශ ප්රතිස්ථාපනය කිරීමට යෝජනා විය.
2025 නොවැම්බර් මාසයේදී අනුරාධපුර දිස්ත්රික්කයේ තෝරාගත් ස්ථාන වල පැළ සිටුවීම සිදුකර ඇති අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව එම දිස්ත්රික්කයේ හෙක්ටයාර 413.9ක භූමි ප්රදේශයක පැළ සිටුවා තිබේ. ඒ සඳහා පැළ 112,200ක් සිටුවා ඇත. සිටු වූ පැළවල තත්ත්වය සහ පැවැත්ම පිළිබඳව SARP ව්යාපෘතිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්රජා නියෝජිතයන් එක්ව ස්ථානීය නිරීක්ෂණ ද සිදුකර තිබේ.
අනුරාධපුර දිස්ත්රික්කයේ සිටුවා ඇති පැළ නඩත්තු කිරීම මේ වන විට සිදු කෙරෙන අතර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්රික්කවල සිටුවීමට නියමිත පැළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තවාන්වල නඩත්තු කරනු ලබයි. සැලසුම් අනුව එම දිස්ත්රික්කවල පැළ සිටුවීම එළෑඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම වැඩසටහන යටතේ කඩොලාන, මී, කුඹුක්, කරඳ, මාදං, කළුවර සහ සියඹලා ඇතුළු විවිධ ශාක වර්ග වගාව වෙනුවෙන් යොදාගෙන ඇත. ප්රදේශයේ පස, ජලය සහ පරිසර තත්ත්වයන්ට ගැළපෙන ශාක වර්ග යොදාගැනීමෙන් ජල පෝෂක ප්රදේශවල පාරිසරික තත්ත්වය ශක්තිමත් කිරීම සහ හායනයට ලක්වූ භූමි ප්රදේශ යථා තත්ත්වයට පත් කිරීම මෙහිදි අපේක්ෂා කෙරේ.
ඉදිරි ක්රියාමාර්ග අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පැළ සිටුවීමේ හා නඩත්තු කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පැළවල පැවැත්ම නිරීක්ෂණය කිරීම ඇතුළත් වේ. මායිම් වගාව, ගස් හා ආහාර භෝග ඒකාබද්ධ කරන ගෘහස්ථ ගෙවතු වගාව සහ සුදුසු ප්රදේශ වල පේළි අතර වගා ක්රම වැනි විකල්ප ද ඉදිරි සැලසුම්වලට ඇතුළත් කර ඇත.

ජල පෝෂක ප්රදේශ සංරක්ෂණය, පස හා ජලය ආරක්ෂා කිරීම සහ දේශගුණික වෙනස්වීම් වලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික පද්ධති ගොඩනැගීම සඳහා SARP සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර සහයෝගීතාව වැදගත් වේ. ගස් සිටු වීමෙන් පමණක් නොව, ඒවා නිසි ලෙස නඩත්තු කිරීම සහ දිගුකාලීනව ආරක්ෂා කිරීම තුළින් ආශ්රිත පරිසර පද්ධති සහ ඒවා මත යැපෙන ගොවි ප්රජාවන්ට තිරසාර ප්රතිලාභ ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට කැමති ගොවී මහත්ම මහත්මින් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කුඩා පරිමාණ කෘෂි ව්යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්යාපෘතිය (SARP) අමතා 011 277 0986 දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැක.














