කුවේටයේ අල්-නහ්දා ප්රදේශයේ සහ අලි සබා අල්-සලීම් ප්රදේශයේ සේවයක කළ ශ්රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු අභිරහස් ලෙස මිය ගොස් ඇති බව කුවේටයේ ‘අරාබි ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
මිය ගිය කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 38 සහ 39 වැනි වියේ පසුවන කාන්තාවන් බව ද අදාළ වාර්තාව පවසයි.
අලි සබා අල්-සලීම් ප්රදේශයේ පිහිටි නිවසක උඩු මහලේ ගබඩා කාමරයක තිබී 38 වියැති ශ්රී ලාංකික කාන්තාවකගේ මෘත දේහය හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව, ඒ පිළිබඳ අහ්මදි මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම සැකකටයුතු මරණයක් ලෙස තහවුරු කර ඇති අතර, සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද අරාබි ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.
අනෙක් සිදුවීම අල්-නහ්දා ප්රදේශයෙන් වාර්තා වී ඇති අතර මිය ගොස් ඇත්තේ 1989 දී උපත ලබ ශ්රී ලාංකික කාන්තාවක් බව තහවුරු කරගෙන ඇත. ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ උපදෙස් මත ඇගේ මළසිරුර ද වෛද්ය පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව අරාබි ටයිම්ස් වාර්තාව පැවසුවේය.











