දිස්ත්‍රික්ක තුනකට අදියර 02 නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

  • වලංගු කාලය: 2026 ඔක්තෝබර් 23 දින ප.ව. 4.00 සිට 2026 ඔක්තෝබර් 24 දින ප.ව. 4.00 දක්වා
  • අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (23) දින ප.ව 04.0ට පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 (අවධානයෙන් සිටින්න (ඇම්බර්) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කය – ඇලපාත, කුරුවිට, රත්නපුර

කෑගල්ල දිස්ත්‍රික්කය – මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, නෝර්වුඩ්

ජනතාව සඳහා විශේෂ දැනුම්දීම

නායයාමේ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිලිමත්ව සිටින්න. අධික වර්ෂාව පවතින විට පහත ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන්න:

  • පොළොවේ හෝ බිත්තිවල ඇතිවන අලුත් ඉරිතැලීම්.
  • ගස්, විදුලි කණු හෝ වැටවල් ඇලවීම.
  • ජල උල්පත් හදිසියේ මතුවීම හෝ සිඳී යාම.
  • බෑවුම්වලින් මඩ සහිත ජලය ගලා ඒම.

අවදානම් ලක්ෂණ දක්නට ලැබේ නම් ආරක්ෂිත ස්ථානයකට යන්න. බලධාරීන්ගේ උපදෙස් සහ නිල අනතුරු ඇඟවීම් අනුගමනය කරන්න.

DMC හදිසි ඇමතුම් අංකය: 117

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website