- වලංගු කාලය: 2026 ඔක්තෝබර් 23 දින ප.ව. 4.00 සිට 2026 ඔක්තෝබර් 24 දින ප.ව. 4.00 දක්වා
- අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (23) දින ප.ව 04.0ට පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 01 (විමසිලිමත් (කහ) නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කය – හපුතලේ, හල්දුම්මුල්ල, පස්සර, හාලි ඇල, ඌව පරණගම.
කොළඹ දිස්ත්රික්කය – පාදුක්ක, සීතාවක
කළුතර දිස්ත්රික්කය – හොරණ, මතුගම
මහනුවර දිස්ත්රික්කය – යටිනුවර, උඩුනුවර, උඩුදුම්බර, දෙල්තොට, දොළුව, මිනිපේ, උඩපලාත, කුණ්ඩසාලේ, මැදදුම්බර
කෑගල්ල දිස්ත්රික්කය – බුලත්කොහුපිටිය, යටියන්තොට, වරකාපොළ
කුරුණෑගල දිස්ත්රික්කය- මාවතගම, ඉබ්බාගමුව, රිදීගම, ගනේවත්ත
මොනරාගල දිස්ත්රික්කය – මැදගම
නුවරඑළිය දිස්ත්රික්කය – මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර
රත්නපුර දිස්ත්රික්කය – අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න, බලංගොඩ, ගොඩකවෙල, කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල
ජනතාවට කෙරෙන දැනුම්දීම
අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙසත්, පවතින වර්ෂාපතන තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙනු ලැබේ. කඳු බෑවුම්වල ඉරිතැලීම් ඇතිවීම, පොළොව ගිලා බැසීම, ගස් හෝ විදුලි කණු ඇලවීම සහ ජල උල්පත් හදිසියේ මතුවීම හෝ වෙනස් වීම වැනි නායයාමේ පූර්ව ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න.
වැඩිදුර තොරතුරු සඳහා:
DMC හදිසි ඇමතුම් අංකය: 117










