ශ්‍රී ලංකාවට ආනයනය කරන මගී මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ටයර් සඳහා නව ශ්‍රී ලංකා ප්‍රමිතීන් අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අංක 08 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ අදාළ නව රෙගුලාසි හඳුන්වා දෙමින් මෙම විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නව රෙගුලාසි 2027 ජනවාරි 1 වැනිදා හෝ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන් තොටුපළකට පැමිණෙන අදාළ ටයර් සඳහා බලපැවැත්වෙනු ඇත.
මෙම ගැසට් නිවේදනයට අනුව2024 මැයි 17 වැනිදා නිකුත් කළ අංක 2384/35 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබූ ප්‍රමිතිකරණ සහ තත්ත්ව පාලන රෙගුලාසි තවදුරටත් සංශෝධනය කර ඇති අතර, එම රෙගුලාසිවල B උපලේඛනයට මගී මෝටර් රථ ටයර් සහ ත්‍රීරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් ඇතුළත් කර ඇත.
මගී මෝටර් රථ ටයර් සඳහා SLS 1212 ප්‍රමිතියත්, ත්‍රීරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් සඳහා SLS 1347 ප්‍රමිතියත් අදාළ වන අතර මගී මෝටර් රථ ටයර් සඳහා H.S. කේතය 4011.10.90 වන අතර, ත්‍රීරෝද රථ ටයර් සඳහා H.S. කේතය 4011.90.10 වේ.















