දිස්ත්‍රික්ක 06ක ප්‍රා.ලේ. කොට්ඨාශ 13කට නායයෑමේ රතු නිවේදන තව දුරටත්

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව; කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට; මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ; කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, අරනායක, යටියන්තොට සහ දෙහිඕවිට; නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රදේශවල ඉවත් වීමේ (අදියර 03- රතු) අනතුරු ඇඟවීම් තව දුරටත් ක්‍රියාත්මක වේ.

විපතට පත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට විමසිලිමත්ව සිටින ලෙසත්, නිල උපදෙස් පිළිපදින ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් ලැබුණහොත් ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website