‘යතිවර මාපිය නිවහන’ දරුවන් සසුනට පූජා කළ මව්පියන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක්

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ, එහෙත් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද (සැප්තැම්බර් 19) බදුල්ලේ දි ආරම්භ විය.

මීට සමගාමීව මාතලේ දිස්ත්‍රික් වැඩසටහන මාතලේ උකුවෙල වත්තේදී බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

පළමු අදියර යටතේ නිවාස 270ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, අදියර කීපයක් යටතේ නිවාස 1000 ඉදිකිරීම අපේක්ෂාවයි.එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 15ක් වෙන්කර ඇත.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරයි.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරතනය, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී දීප්ති වාසලගේ, මාතලේ දිසාපති ප්‍රසන්න මදනායක, උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති, රාජ්‍ය සේවා නිළධාරී මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එකව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website