අයහපත් කාලගුණය හේතුවෙන් අද (13) අළුයම ජාවා මුහුදේදී පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් සම්බන්ධතා අහිමි වීමෙන් පසු අතුරුදහන් වූ බව එරට සෙවුම් සහ ගලවා ගැනීමේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වර්ජියෝ ට්‍රාන්ස්පෝර්ට් 8 නෞකාව ඊයේ (12) නැගෙනහිර ජාවා නගරයේ සුරබයා සිට දකුණු කලිමන්තන් නගරයක් වන බන්ජර්මාසින් දක්වා යාත්‍රා කළ අතර සම්බන්ධතා අහිමි වූ බව ඒජන්සිය පැවසීය.
“මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ දී, නෞකාව සම්බන්ධ කර ගත නොහැකි අතර එය යාත්‍රා කරන ස්ථානය ගැන දැන ගැනීමට හැකියාවක් නැහැ” ඒජන්සිය පැවසීය.
ගලවා ගැනීමේ කණ්ඩායම් එහි අවසන් දන්නා ස්ථානයට කණ්ඩායමක් යොදවා සෝදිසි කිරීමක් ආරම්භ කර ඇති බව ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.
දූපත් 17,000කින් සමන්විත ඉන්දුනීසියාව ප්‍රධාන ප්‍රවාහන ක්‍රමයක් ලෙස මගී ප්‍රවාහන නෞකා මත දැඩි ලෙස රඳා පවතින අතර, ගුවන් ගමන් වලට වඩා මුහුදු මාර්ග වඩාත් දැරිය හැකි සහ පහසුවෙන් ලබා ගත හැකිය.
කෙසේ වෙතත්, ආරක්ෂක ප්‍රමිතීන් සැමවිටම දැඩි ලෙස ක්‍රියාත්මක නොවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සාපේක්ෂව ඉහළ අනතුරු අනුපාතයක් ඇති වේ.
රොයිටර් ඇසුරිණි















