
දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වචන බවට පත්ව තිබූ “සමාජ ආරක්ෂණය” පිළිබඳ වූ යෝජනා, බලයට පත්වීමෙන් පසු ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට හැකිව ඇති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඉදිරි දස වසර සඳහා වූ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ තාක්ෂණික ඉදිරිපත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක මෙම වැඩසටහන කම්කරු, කාන්තා හා ළමා කටයුතු ඇතුළු අමාත්‍යාංශය කිහිපයක් එක්ව මෙහෙයවනු ලබයි. මෙම අවස්ථාවට අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂිකා ජොනී සිම්සන් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.















