ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා ඩෙංගු නිරීක්ෂණ සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ සහ සම්මත මාර්ගෝපදේශ අද (20) එළිදැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල හරහා ඩෙංගු රෝගීන් කල්තියා හඳුනා ගැනීම, රෝගීන් නිසි සායනික කළමනාකරණය, රෝග නිරීක්ෂණ ශක්තිමත් කිරීම සහ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සඳහා ව්‍යුහගත රාමුවක් හඳුන්වා දීම මෙම මාර්ගෝපදේශවල අරමුණ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.















