සෞදි අරාබියේ සහ ප්‍රංශයේ අද (28) සිදු වූ ගුවන් අනතුරු දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව AFP වාර්තා කළේය.
සෞදි අරාබියේ, රජයට අයත් තෙල් සමාගමක් වන ඇරම්කෝට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියේය. අනතුරට හේතුව හෝ එහි නිශ්චිත ස්ථානය පිළිබඳව කිසිදු විස්තරයක් නිකුත් කර නොමැති වුව ද, එරට රාජ්‍ය මාධ්‍ය සිද්ධිය තහවුරු කළේය.

මේ අතර නැගෙනහිර ප්‍රංශයේ ටොම්බලේන් හි සිවිල් ගුවන් යානයක් කඩා වැටීමෙන් නියමුවා ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියහ. ගුවන් යානය මගීන් 10 දෙනෙකු සහ එක් නියමුවෙකු රැගෙන ගිය බව පළාත් පාලන ආයතන තහවුරු කළේය.
අනතුරු දෙකටම හේතු තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.














