Rebuilding Sri Lanka අරමුදල මේ දක්වා ස්ථාපිත කර නොමැති බවත් අදාළ අරමුදලට පරිත්‍යාග වශයෙන් ලබා දී ඇති කිසිදු මුදලක් මේ දක්වා වැය කර නොමැති බව CoPF කමිටුවේ දී අනාවරණය විය.
CoPF කමිටුවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු වශයෙන් ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් මේ බව හෙළි කළේය.
බව CoPF කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ නිලධාරීන් අතර ඇති වූ සංවාදය පහත දැක්වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා – Rebuilding Sri Lanka අරමුදල විගණනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු අපි දැක්කා. මම දන්න විදිහට Rebuilding Sri Lanka අරමුදල කියලා එකක් නැහැ. DSD ගිනුමට තමයි පරිත්‍යාශීලීන්ගේ මුදල් එන්නේ. මේ අරමුදල විගණනය කරන්නේ කොහොමද ?, ඒක විගණනය කරන්න පුළුවන් ද ?
ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් – 2025 දී මුදල් අමාත්‍යතුමා දාපු කැබිනට් මණ්ඩල තීරණයක් තියෙන්නේ. අලුත් Public Financial Management Act එක අනුව ව්‍යවස්ථාපිත අරමුදල් විතරයි හදන්න පුළුවන්. ඒ කැබිනට් මණ්ඩල තීරණයේ තියෙන් ව්‍යවස්ථාපිත නොවන අරමුදලක් ලෙස මේක හදනවා කියලා.
ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒක හදලද තියෙන්නේ ?
නිලධාරීයෙක් – නැහැ, තාම නැහැ.
ආචාර්ය හර්ෂ ද සිල්වා – ඒ කියන්නේ Rebuilding Sri Lanka අරමුදලක් නැහැනේ .
නිලධාරියෙක් – නැහැ
ආචාර්ය හර්ෂ ද සිල්වා – මේක විගණනය වෙන්නේ කොහොම ද ?, කවුද සල්ලි දුන්නේ, ඒවා වියදම් කළේ කොහොමද ? වාගේ දේවල් සොයා බලන්නේ කොහොම ද ?
නිලධාරියෙක් – පරිත්‍යාගශීලීන්ගේ සල්ලි දෙන්න DSD Accounts කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. මහ බැංකුවට සමහර පරිත්‍යාග එනවා. මේ ආපු සියලුම මුදල් මහා භාණ්ගාරායේ DSD Accounts එකක තමයි තියෙන්නේ. ඒක තාම ප්‍රයෝජනයට ගෙන නැහැ.
ආචාර්ය හර්ෂ ද සිල්වා – කෝ ඒ සල්ලි ?
නිලධාරියා – මහා භාණ්ඩාගාරයේ තියෙනවා.
ආචාර්ය හර්ෂ ද සිල්වා – ඔබ කියන්නේ Rebuilding Sri Lanka අරමුදලේ සල්ලි සතයක්වත් විදයම් කරලා නැහැ.
නිලධාරියා – නැහැ.
කමිටු සමාජිකයෙක් – ඔබතුමා එහෙම කියන්නේ කොහොම ද?.
නිලධාරියා – අපි වාර්ෂිකව රාජ්‍ය ආයතන විගණනය කරනවා. පසුගිය අවුරුද්දට අදාළ වාර්තාව අපි පසුගිය සතියේ ලබා දුන්නා.
ආචාර්ය හර්ෂ ද සිල්වා – කවුද මුදල් පරිත්‍යාග කළේ කියලා ඔබලා දන්නවා ද ?
නිලධාරියා – ඔක්කොම දන්නේ නැහැ.
ආචාර්ය හර්ෂ ද සිල්වා – කවුද මේක විගණනය කරන්නේ ?
නිලධාරියා – අරමුදලක් නැහැනේ සර්.
ආචාර්ය හර්ෂ ද සිල්වා – හෙල්පින් හම්බන්තොට අරමුදලත් එක්කනේ මේ ප්රශ්නය ආවේ. ඒකේ ගොඩක් ගැටලු තිබුණා. ඒ නිසා කිව්වා යම් අරමුදල් හදනවා නම් ඒක කළ යුත්තේ පාර්ලිමේන්තුවට ගෙනත් ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පමණයි කියලා. ඔබතුමා කියන ආකාරයට ඒක හදන්න තමයි කැබිනට් මණ්ඩල පත්‍රිකාව දාලා තියෙන්නේ. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක හැදිලා නැහැ. ඒ නිසා ඒ මුදල් DSD එකේ විශේෂ ගිනුමකට ගිහින් තිබෙනවා. අපි දැන් තමා දන්නේ ඒ මුදල් වියදම් වෙලා නැහැ කියලා. නමුත් විගණන නිලධාරීන් දැන ගන්න අවශ්‍යයිනේ කවුද මේ මුදල් එව්වේ කියලා.
කමිටු සාමාජිකයෙක් – මේකට අදාළ වෙබ් සයිට් එකේ සියලුම තොරතුරු බලන්න පුළුවන්.
ආචාර්ය හර්ෂ ද සිල්වා – නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ අරමුදල හදලා නැති එක. මේක කවදා හරි හැදෙන්න ඔ්නෑ.














