යල කන්නයට ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බවත් ඒවා ගොවි ජන මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම මේ වනවිට සිදුකරමින් ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
පොහොර සැපයීම, බෙදාහැරීම සහ නවීන පොහොර භාවිතය පිළිබඳව ඊයේ (08) ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට මෙන්ම ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවේය.
පසුගිය දිනවල රජයේ ඉල්ලීමක් මත පෞද්ගලික අංශයේ පොහොර බෙදාහැරීම තාවකාලිකව නතර කර තිබුණ ද, යළිත් සුපුරුදු පරිදි පෞද්ගලික අංශය හරහා පොහොර බෙදාහැරීම ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීමේ ප්‍රමාදයන් පැවති බවත්, ඒවා විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බවත් ඉදිරියේදී පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටලු ඇති නොවන බවටත් අමාත්‍යවරයා සහතික වුණේය.
















