ශ්‍රී ලංකා රේගුවේ වත්මන් අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතාගේ ධුර කාලය අවසන් වීම සමඟ ශ්‍රී ලංකා රේගුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස විමල් එස්.කේ. ලියනගම මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එය අද (06) සිට ක්‍රියාත්මක වේ.
විමල් එස්.කේ. ලියනගම මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.














