2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග පෙර සූදානම් කිරීමේ අරමුණින් යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම යූරියා පොහොර තොගය වී වගාවට සෘජුව භාවිතා කිරීමත් එළවළු සහ අනෙකුත් බෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනය සඳහාත් යොදා ගැනීමට නියමිතය.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එය ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ එය සිදු කිරීමට නියමිතය.
ඒ අනුව, ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂීකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
















