2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට

දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත්කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේ ද 134 වන ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ පසුවිය.

2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ළකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතුණි.

මෙම දර්ශකයේ පළමු ස්ථානය නොර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් නෙදර්ලන්තයට සහ ස්ටෝනියාවට හිමිව තිබේ.

මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රයාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකයේ පහළම ස්ථානයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website