ආබාධ සහිත පුද්ගලයින් සඳහා low-floor priority bus සේවාව හෙට (21) සිට මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 430 ක් වෙන් කර ඇත.
පළමු අදියර යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා නිර්මාණය කර ඇති නවීන වායු සමීකරණය කරන ලද සඳහා low-floor priority බස් රථ 10ක් යොදවනු ලැබේ.
සෑම බස් රථයකම මගීන් 80ක් දක්වා රැගෙන යා හැකි අතර ආබාධ සහිත පුද්ගලයින් සඳහා සකස් කරන ලද ආරක්ෂක අංග සමඟ ආසන 33ක් ඇතුළත් වේ.
බස් රථ මාකුඹුර සහ පිටකොටුව අතර සහ මාකුඹුර සිට කඩවත දක්වා උදෑසන සහ සවස වේලාවන් තුළ මිනිත්තු 40ක පරතරයකින් ක්‍රියාත්මක වේ.
මෙම සේවාව මහරගම අපේක්ෂා රෝහල සහ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා ආයතන ආවරණය කරන අතර එමඟින් රෝගීන්ට සහ මගීන්ට වැඩිදියුණු කළ ප්‍රවේශ්‍යතාවයක් ලබා දෙනු ඇත.















