පසුගිය පැය 24 තුළ “ඉරානයේ අවසරය ඇතිව” නැව් 15ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධිත ඉරානයේ ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය පැවසුවේය.
යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ ගමනාගමනය තවමත් 90% කින් අඩු බව එහි වැඩිදුරටත් සඳහන් විය.
විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු සමහර ඉරාන නිලධාරීන් නැවත නැවතත් පවසා ඇත්තේ නැව් මාර්ගය වසා දමා නොමැති නමුත් එය “සතුරු රටවලට” පමණක් වසා ඇති බවයි.
මේ අතර ඉරාන නිලධාරීන් සහ නීති සම්පාදකයින් ද සමුද්‍ර සන්ධිය භාවිතා කරන යාත්‍රාවලට ගාස්තු අය කිරීමේ හැකියාව මතු කර තිබේ.
මීට පෙර ඉරාන ජනාධිපති කාර්යාලයේ සහායකයෙකු පැවසුවේ, යුද්ධයෙන් සිදු වූ සියලු හානි සඳහා වන්දි ගෙවීමට “ප්‍රවාහන ගාස්තු වලින් කොටසක් භාවිතා කළ විට” හෝමූස් සමුද්‍ර සන්ධිය “නැවත විවෘත කරනු ලැබේ” යනුවෙනි.
මූලාශ්‍රය: බීබීසී















