හැකි සෑම විටම ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න ! – ජලාපවහන මණ්ඩලයෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය අමතමින් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ හැකි සෑම විටම ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. වත්මන් වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතුනහොත් ජලය බෙදා හැරීම සීමා කිරීමට සිදුවිය හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.

මේ අතර, සෑම ගංගාවකම පාහේ මෝය කටවල් හරහා ගංගාවලට ලවණ ජලය ඇතුළු වීම වැඩි වී ඇති බව බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. වැලි කැණීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් මේ සඳහා ප්‍රධාන හේතු බව ඔහු පැවසීය.

ගංගාවලට ලවණ ජලය ඇතුළු වීම වැළැක්වීම සඳහා සෑම ගඟකටම ලවණතා බාධක ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, කැලණි ගඟේ ලවණතා බාධකයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website