පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක්: පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් හෙට (27) සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බව දෙපාර්තමේන්තුව අද (26) නිවේදනය කළේය.

අද දහවල් 1:30 ට දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමකින් පසුව මෙම තීරණය ගෙන ඇත. ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළුව සියලුම සේවාවන් අත්හිටුවීමට මෙම තත්ත්වය බලපා ඇත.

පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වූ පසු සේවාවන් නැවත ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website