ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමැති එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් සම පැවති සාකච්ඡාවක දී ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන සැපයීමට එකඟ වී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ හෙට (27) පැවැත්වීමට නියමිත වැඩිදුර සාකච්ඡාවලදී ප්‍රමාණය සහ නිශ්චිත ඇණවුම් අවසන් කරන බවයි.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) සවස කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාර්ෂවින් මහතා හමුවීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, ඉන්ධන සැපයුම, බලශක්ති ආරක්ෂාව සහ ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දිගුකාලීන සහයෝගීතාවයේ විභව හවුල්කාරිත්වයන් ඇතුළුව බලශක්ති අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි සාකච්ඡා අවධානය යොමු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website