ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වේ

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර රැසක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පෙරවරුවේ රැස් විය.

පවත්නා ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඔවුන්ට බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සංචාරකයන්ගේ පැමිණීම, හෝටල් සහ සංචාරකයන් ගැවසෙන ස්ථාන යථාවත් ලෙස පවත්වාගෙන යාම සහ යුදමය තත්ත්ව නොමැති රටවල්වලින් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, මේ වන විට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සහ එහි ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.

සිනමා සංචාරක ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඊට විසඳුම් සෙවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website