දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (26) දිනයේදී තාප දර්ශකය ‘අතිශයින්ම අවවාදාත්මක‘ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
බටහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්ක ද බලපෑමට ලක් වූ ප්‍රදේශවලට අයත් බව දෙපාර්තමේන්තුව පවසයි. මෙම කලාපවල පදිංචිකරුවන්ට විමසිල්ලෙන් සිටින ලෙසත් අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබේ.












