දැනුවත් පුවරු කියවන්න, වෙරළ තීරයේ හෝ ජලාශ අසල “දිය නෑම අනතුරුදායකයි” ලෙස ප්‍රදර්ශනය කර ඇති රතු කොඩි හෝ අනතුරු ඇඟවීමේ පුවරු කිසිවිටෙකත් නොසලකා හරින්න එපා.
• සුදුසු ස්ථානයක් තෝරාගන්න, ජීවිතාරක්ෂක නිලධාරීන් සිටින සහ ඔවුන් ආරක්ෂිත යැයි නිර්දේශ කර ඇති ප්‍රදේශවල පමණක් දිය නෑමට හෝ පිහිනීමට උත්සාහ කරන්න.
• මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර ජලයට බැසීමෙන් වළකින්න. දියේ ගිලීම්වලින් වැඩි ප්‍රමාණයකට හේතුවන්නේ බීමත්ව ජලයට බැසීමෙන් ඇතිවන ව්‍යාකූලත්වයයි.
ජලයේදී ආරක්ෂා වීමට
• කණ්ඩායමක් ලෙස සිටින්න තනිවම දිය නෑමෙන් වළකින්න. සැමවිටම තවත් අයෙකු පෙනෙන මානයේ රැඳී සිටින්න.
• කුඩා ළමයින් ජලය අසල සිටින විට මොහොතකටවත් ඔවුන්ගෙන් දෑස් ඉවතට නොගන්න. ඔවුන් දියෙහි බසින්නේ නම් අනිවාර්යයෙන්ම වැඩිහිටියෙකු අසලින්ම සිටිය යුතුයි.
• ඔබ නොදන්නා ජලාශවල හෝ ගංගාවල බැසීමට පෙර එහි ගැඹුර සහ දියවැල් පවතින ආකාරය ගැන ප්‍රදේශවාසීන්ගෙන් හෝ නිලධාරීන්ගෙන් විමසන්න. පෙනෙන ප්‍රමාණයට වඩා යටින් දියවැල් ප්‍රබල විය හැකියි.
හදිසි අවස්ථාවකදී කුමක් කළ යුතුද?
• කලබල නොවන්න, ඔබ දියේ ගිලෙන බව දැනුණහොත් කලබල වී අත්පා ගසමින් ශක්තිය වැය නොකර, ශරීරය ජලය මත පාවෙන පරිදි තබාගෙන උදව් ඉල්ලන්න.
• යමෙකු දියේ ගිලෙනු දුටුවහොත්, ඔබ දක්ෂ පිහිනුම් ශිල්පියෙකු නොවේ නම් වහාම ජීවිතාරක්ෂක නිලධාරියෙකුට දැනුම් දෙන්න.
මතක තබා ගන්න විනෝදය මරණයෙන් කෙළවර කර නොගැනීම ඔබ සතු වගකීමකි. සොබාදහම සුන්දර වුවත් එය ඉතාමත් ප්‍රබල සහ අනතුරුදායක විය හැකියි.
sri lanka police facebook page













