ආපදා සහන සේවා නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා සහන කටයුතුවල නියැලී සිටින ග්‍රාම නිලධාරී සංගමය ඇතුළු රාජ්‍ය සේවා නිලධාරීන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් හෙට (27) සිට තාවකාලිකව තම රාජකාරි නවතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්, නෙවිල් විජේරත්න මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

නිලධාරීන් විසින් පෙන්නුම් කරන ලද පුළුල් උත්සාහයන් නොතකා, පවතින ගැටලු ප්‍රමාණවත් ලෙස විසඳීමට රජය අපොහොසත් වීම හේතුවෙන් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළේය.

සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ග්‍රාම නිලධාරී සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගට එක්ව සිටින බව ද විජේරත්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website