ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් මෑතකදී දියත් කරන ලද සංකේත වැඩ වර්ජනය දැඩි ලෙස හෙළා දකින බව ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය (VRS) සඳහා තෝරාගෙන ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් නියෝජනය කරන සාමූහිකය ප්‍රකාශ කළේය.
එම ක්‍රියාමාර්ගය නීති විරෝධී සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ එකක් බව බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියක එම එම සාමූහිකය සඳහන් කර ඇත.
VRS සාමූහිකය වැඩි දුරටත් පෙන්වා නේනේ ලංවිම සේවකයින්ගෙන් 25%කටත් වඩා අඩු සංඛ්‍යාවක් සහභාගී වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බවයි.
ලංවිම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම හෝ රාජ්‍ය විරෝධී දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම අරමුණු කරගත් කිසිදු ක්‍රියාමාර්ගයකට සහභාගී නොවන ලෙස සියලුම VRS අයදුම්කරුවන්ට උපදෙස් දී ඇති බව ද සාමූහිකය සිය ලිපියේ සඳහන් කර ඇත. එම ප්‍රකාශයට අනුව, කිසිදු VRS අයදුම්කරුවෙකු සංකේත වැඩ වර්ජනයට සහභාගී නොවූ අතර අනාගතයේදී එවැනි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවන බවට ඔවුන් ප්‍රතිඥා දී ඇත.














