
මත්ද්‍රව්‍ය නිවාරණ – මහවැලි යොවුන් බලකාය 2026, පිහිටුවීම සම්බන්ධ සාකච්ඡාවක් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ලේකම්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මේ අනුව මහවැලි යොවුන් බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ පුහුණුව ලත් තරුණ තරුණියන් 600කට වැඩි පිරිසක් විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම හා සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මෙහෙයුම් සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.















