Colombo Active Week 2026: ‘කොළඹ සක්‍රීය සතිය 2026’ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකයි

ක්‍රීඩාව, සුවතාවය සහ ක්‍රියාශීලී ජීවන රටාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන කොළඹ සක්‍රීය සතිය 2026′ (Colombo Active Week 2026) මේ දිනවල කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී තිබේ.

මෙම සුවිශේෂී සතිය තුළ ප්‍රධාන අංග තුනක් ක්‍රියාත්මක වන අතර, ඒවා නම් KAYA සුවතා සහ සක්‍රීය ජීවන රටා ප්‍රදර්ශනය (KAYA Expo), IRONMAN 70.3 කොළඹ තරගාවලිය සහ IRONKIDS වැඩසටහනයි.

ඒ අනුව මෙහි නිල සමාරම්භය උත්සවය මාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණේය.

මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව ගෝලීය ක්‍රීඩා සහ සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, මෙවර වැඩසටහන සඳහා රටවල් 49කට අධික සංඛ්‍යාවකින් සහභාගී වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website