ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් යථා තත්ත්වයට පත්කර – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

පශ්චාත් ආපදා සහන වැඩසටහන පිළිබඳ පැහැදිලි කිරීම සඳහා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ඉන්ධන හා ගෑස් සැපයීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ජල සැපයීම සහ ජලාපවහනය ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇති බව ද, ඒ සම්බන්ධව ගැටලු ඇත්නම් ඉදිරිපත් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් තවදුරටත් සිදු කෙරෙන අතර, ආපදාවෙන් දැඩි බලපෑමට ලක් වූ බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

හදිසි නීතිය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර ඇති අතර, එම කාලය තුළ නැවත පදිංචි කිරීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධව කටයුතු සිදු කරන බව ද ඒ ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website