ලංවිම වෘත්තීය සමිති 24ක් විදුලිබල ඇමැතිවට අනතුරු අඟවමින් ලිපියක් යවයි

ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තම ඉල්ලීම්වලට විසඳුම් ලබා නොදුනහොත් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවට විදුලිබල වෘත්තීය සමිති ඊයේ (09) අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් අනතුරු අඟවා තිබේ.

පිළිගත හැකි විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන්, තම ඉල්ලීම් සුරක්ෂිත කර ගැනීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විකල්පයක් වෘත්තීය සමිතිවලට ඉතිරි වී ඇති බව ලිපියේ සඳහන් වේ.

ලංවිම වෘත්තීය සමිති 24ක නියෝජිතයින් මෙම ලිපියට අත්සන් තබා ඇත.

පිළිගත හැකි විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන්, තම ඉල්ලීම් සුරක්ෂිත කර ගැනීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හැර වෙනත් විකල්පයක් වෘත්තීය සමිතිවලට ඉතිරි වී ඇති බව ලිපියේ සඳහන් වේ.

ඒ අනුව, අදාළ ඉල්ලීම් ඉටු නොකර ලංවිම ඈවර කිරීමේ දිනය ගැසට් කළ හොත්, ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ද ලිපියේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website