Dream Destination: නවීකරණය කළ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්,Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය අද (02) නවීකරණය කර ජනතා අයිතියට පත්කෙරුණි.

ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන අතර, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා පෞද්ගලික අංශයේ සහාය ඇතිව සිදු කෙරේ. මෙම ජාතික ව්‍යාපෘතිය යටතේ, රට පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට නියමිත අතර, ගාල්ල-තල්පේ දුම්රිය ස්ථානය පළමු ස්ථානය ලෙස තෝරා ගෙන ඇත.

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් ඇතුළු සියලුම මගීන් සඳහා ආරක්ෂාව, ප්‍රවේශ්‍යතාව සහ සුවපහසුව වැඩි දියුණු කරන අතරම පිරිසිදු, ආකර්ශනීය සහ මගී-හිතකාමී දුම්රිය ස්ථාන ජාලයක් නිර්මාණය කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website