කින්නියා පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අල්ලස් කොමිෂම විසින් අද (02) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. එම නිවේදනය පහත පළ වේ.
“කින්නියා ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට පහරදීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීම සඳහා අල්ලස් වශයෙන් රු. 10,000/- ක මුදලක් ඉල්ලා එම මුදල වෙනත් අයෙකු මාර්ගයෙන් ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධව කින්නියා පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු කින්නියා පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය තුළදී 2025.12.31 වන දින ප.ව. 5.20 ට පමණ අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී”.








