පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 684ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 27 හා 29 ක් වන ඔරුගොඩවත්ත හා දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 27 හා 39ක් වන බොරැල්ල හා ඔරුගොඩවත්ත ප්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණය වී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය ඔවුන් සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.












