ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ගැන පැතිරෙන කට කතා වලට ප්‍රධාන විධායකගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය වන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටු (Executive Committee – ExCo) සාමාජිකයන්ට රජය විසින් ඉල්ලා අස්වීමට ඉල්ලීමක් කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පවසන්නේ, එවැනි කිසිදු ඉල්ලීමක් හෝ නිල දැනුම්දීමක් මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබී නොමැති බවයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වූ ගැරී කර්ස්ටන් මහතා මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී, මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් යොමු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙම අදහස් පළ කළේය. විශේෂයෙන්ම සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවට ඉල්ලා අස්වීමට රජය විසින් ඉල්ලීමක් කර ඇති බවට පැතිර යන වාර්තා පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

“මාධ්‍ය තුළ පළවූ වාර්තා කිහිපයක් අපිද දැකලා තිබෙනවා. නමුත් එවැනි කිසිදු කරුණක් පිළිබඳව අපට නිල වශයෙන් දැනුම් දී නැහැ. එවැනි කිසිවක් ගැන අපිට දැනුමක් නැහැ,” යනුවෙන් ඈෂ්ලී ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website