ඉල්ලීම් 19ක් එක්ක තැපෑල අදත් වර්ජනයේ

තැපැල් වෘත්තීය සමිති විසින් ආරම්භකර ඇති වැඩ වර්ජනය අද දවස තුළ ද තව දුරටත් ක්රියාත්මක වේ.
ඉල්ලීම් 19ක් මුල් කොටගෙන දියත් වන මෙම වර්ජනය තම අභිමතාර්ථයන් ඉටුවන තුරු පවත්වාගෙන යන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ සභාපති ඉ. ජී. සී. නිරෝෂන සඳහන්කර සිටියේ, වැඩ වර්ජනය අවසන් කිරීමට නම් අමාත්යාවරයා සමඟ සාකච්ඡාවක් සඳහා අවස්ථාව සලස්වා දෙන ලෙසයි.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website