ලන්දේසි යටත් විජිත සමයේ මහනුවර රාජධානියෙන් ලබා ගත් බව කියන 18 වන සියවසේ ශ්‍රී ලාංකික ඓතිහාසික ගිනි අවි දෙකක් (මහ තුවක්කු නැතහොත් බැම්ම තුවක්කු ලෙස හැඳින්වෙන) නෙදර්ලන්ත රජය විසින් ආපසු ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
මෙම තීරණය නෙදර්ලන්ත අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා අමාත්‍ය රියාන් ලෙට්ෂර්ට් විසින් අනුමත කරන ලද අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වයිබේ ඩි බෝයර් විසින් නිවේදනය කරන ලදී.
වසර 250කට වඩා පැරණි මෙම අවි දෙක දැනට ඇම්ස්ටර්ඩෑම් හි නෙදර්ලන්තයේ ජාතික කෞතුකාගාරය වන Rijksmuseum හි තැන්පත් කර ඇත.
රිජ්ක්ස්මුසියම් විශේෂඥයින් සහ ශ්‍රී ලාංකික විද්වතුන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මූලාරම්භ පර්යේෂණයකින් පසුව ගිනි අවි ශ්‍රී ලංකාවේ ආරම්භ වූ බව තහවුරු කරන ලදී.
පර්යේෂකයන් මෙම අවි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මහා තුවක්කු ලෙස හඳුනාගෙන ඇති අතර, ඒවා 1765 දී ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම (VOC) සහ මහනුවර රාජධානිය අතර යුද්ධයේදී අල්ලා ගන්නා ලද අතර පසුව නෙදර්ලන්තයට ගෙන යන ලද බවට ඓතිහාසික සාක්ෂි හමු විය.
එක් ගිනි අවියක මහනුවර රජු හා සම්බන්ධ සෙල්ලිපි ද ඇති අතර එය දිවයින සමඟ එහි ඓතිහාසික සම්බන්ධතාවය තවදුරටත් සනාථ කරන බව තානාපතිවරයා වැඩි දුරටත් පැවසුවේය.












