මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය අද රාත්‍රියේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමයි

නඩත්තු කටයුතු සහ මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇති බවට හඳුනා ගෙන ඇති ගල් ඉවත් කිරීම සඳහා මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවශ්‍ය නඩත්තු කටයුතු සමඟ කඩා වැටීමේ අවදානමක් ඇති බවට හඳුනා ගෙන ඇති පාෂාණ ඉවත් කිරීම සිදු කරන අතරතුර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දිස්ත්‍රික් ලේකම්වරයා සහ අනෙකුත් අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති අතර  තාවකාලික මාර්ග වසා දැමීම සම්බන්ධයෙන් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය අදාළ සියලු පාර්ශවයන්ට අවශ්‍ය නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website