2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම ප්‍රකාශ කර ඇත.
2026 සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) පැවති පාර්ශ්වකරුවන්ගේ උපදේශනයකදී ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම මේ බව නිවේදනය කළේය.
ජලාශවල පවතින ජල ගබඩා මට්ටම් සහ එල් නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් පිළිබඳ අනාවැකි මත පදනම්ව මෙම තීරණය ගත් බව සමාගම පැවසුවේය.











