ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) උදෑසන 05.30 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.

වැසි තත්ත්වය: මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website