“කාවන්තිස්ස” ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

“කාවන්තිස්ස” ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වනජීවී සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

‘කාවන්තිස්ස’ හස්ථියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බලප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගෙන ඇත. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්‍රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී තිබේ.

ප්‍රදේශය තුළ සිදු කළ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්වලදී තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වෙනත් නීතිවිරෝධී මෙහෙයුම් හා අනුබද්ධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැක කෙරේ. වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලීසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website