අදට (01) යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත පළ වේ.
අධ්‍යාපනය යනු වෘත්තිමය කුසලතාවක් මෙන් ම යහපත් පුරවැසියකු නිර්මාණය කිරීමේ අභිලාෂය මුදුන් පමුණුවන වැඩපිළිවෙළකි. ළමයා වෙනුවෙන් සුදුසු අනාගතය ගොඩනගන්නට නම් අනාගත අභියෝග ජයගත හැකි අධ්‍යාපනයක් නිර්මාණය කළ යුතු ය. වෙනස්වන සමාජය තුළ ගොඩනැගෙන ආකල්ප තුළින් ළමයා මෙන් ම වැඩිහිටියා සුරක්ෂිත කිරීම සඳහා නව මානයකින් යුතුව රාජ්‍ය ප්‍රතිපත්ති, සම්පාදනය විය යුතුය.








