පාසල් සිසුවියන්ට රුපියල් 1440ක් වටිනා සනීපාරක්ෂක තුවා ලබාදීමට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරීම අරමුණු කරගත් 2026 දී පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ ජාතික වැඩසටහන 2024 දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දියත් කරන ලදි.

මෙම මුලපිරීම මගින් සියලුම රජයේ පාසල්වල මෙන්ම රජයේ අනුමත විශේෂ පාසල්වල 6 සහ ඊට වැඩි ශ්‍රේණිවල ඉගෙනුම ලබන නව යොවුන් වියේ ගැහැණු ළමයින් මිලියන 1.05ක් පමණ ආවරණය කෙරේ.

මෙම වැඩසටහන යටතේ සෑම සිසුවියකටම රුපියල් 720 බැගින් වූ වවුචර් පත් දෙකක් ලෙස රුපියල් 1,440ක් වටිනා වවුචර් ලැබෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website