වීරවිලදී ලංගම – ලංගම මුහුණට මුහුණ ගැටී 04ක් මරු‌ට – 40කට තුවාල

අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී මාරක බස් අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කළේය.

කොළඹ-කතරගම බස් රථයක් තිස්ස සිට කරාපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ තවත් ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සඳහා අසල රෝහල් වෙත යොමු කර ඇත.

අනතුරට හේතුව පිළිබඳව බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website